මේ රටේ නීති පද්ධතිය 1947න් පසු යාවත්කාලීන වී නෑ අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම ව්‍යාපෘති 4කින් ඉදිරි සති කීපයේදී

0
35

නව වසරේ වැඩ අරඹමින් අධිකරණ ඇමැති කියයි

නව වසරේ ඉදිරි සති කීපයේ අධිකරණ පියස නව ගොඩනැඟිලි සංකීර්ණයට මුල්ගල තබන බවත් එහි ඉදිකිරීම ව්‍යාපෘති හතරක් වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් අධිකරණ ඇමැති අලි සබ්රි මහතා නව වසරේ රාජකාරි අාරම්භ කරමින් පැවසීය.

නව වසරේ අධිකරණ ඇමැති අලි සබ්රි මහතා නව වසරේ රාජකාරි රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දෙමින් ඊයේ (01) ආරම්භ කළේය.

රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් අනුස්මරණය කිරීමද මෙහිදී සිදු කෙරුණු අතර අනතුරුව අධිකරණ ඇමැතිවරයා විසින් නව වසර වෙනුවෙන් සුබපැතුම් සිය සේවක මඩුල්ල වෙත පුද කළේය.

වසර තුනක් අධිකරණ ක්ෂේත්‍රයේ ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරමින් අධිකරණ ක්‍රමය වෙනස් කිරීමේ වගකීම මෙන්ම අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීන තාක්ෂණය එක් කිරීම අරමුණු බවත් ඇමැතිවරයා කීය.

අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමේ වැදගත්කම යනාදී කරුණු ගණනාවකට අඩිතාලම දමා ඇති බවත් ඒ සඳහා මේ වන විටත් ප්‍රතිපාදන වෙන් කරගෙන ඇති බවත් කියා සිටි ඒ මහතා ගෙවී ගිය මාස තුනක කාලයේ නීති 37ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට ජනතාවට අධිකරණවලින් අනාගතයේ දී සහනයක් ගැනීමට අවශ්‍ය වන්නා වු කාරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවද සඳහන් කළේය

මේවා සිදු කරන්නේ අපේ රට වෙනුවෙන්. මේ රටේ නීති පද්ධතිය 1947න් පස්සේ නිසි පරිදි යාවත්කාලීන වී නොමැති බවත් නීතිය සැමට එක සමාන විය යුතුයි. කවදා හරි දවසක සියලු දෙනා විශ්‍රාම යනවා හැමදාම මේවාගේ ඉන්නේ නැහැ. අපි රට වෙනුවෙන් සේවයක් කළා කියා විශ්‍රාම ගිහින් ඉන්න කොට අපට සතුටු වෙන්න හැකිවිය යුතුයි. ක්‍රමානුකූලව විද්‍යානුකූලව තාක්ෂණයට අනුව කැපවීමෙන් කටයුතු කරමින් ඒ විශිෂ්ට මෙහෙයුමේ කොටස්කරුවන් වන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා.අපි කරන මේ සියල්ලේ අවසාන ප්‍රතිලාභය ජනතාවට යා යුතුයි.මේ සියලු දේ කරන්න අපි කැපවීම් කළයුතුයි.ඒ කැපවීම්වල අවසාන ප්‍රතිලාභය අපේ රටේ දුක් විඳින ජනතාවට යා යුතුයි. රටේ ආයෝජනය ශක්තිමත් වීමට පිටිවහලක් විය යුතුයි. මේ සඳහා ජනාධිපති,අගමැති ඇතුළු ආණ්ඩුවෙන් විශාල සහයෝගය දෙනවා. එම සහයෝගය අගය කරනවායැයිද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන්නේයැයිද ඒ මහතා වැඩිදුරටත් කීය. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

සුභාෂිණී සේනානායක සහ රෝෂන් තුෂාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here