පසුගිය ජනවාරි මාසයේ මඟීන් 176ක් රැගෙන පියාසර කරමින් තිබූ මඟී ගුවන් යානයක් ඉරානයේ විප්ලවීය හමුදාව විසින් වෙඩි තබා බිම හෙළීම නිසා එයට ලක් වූ අයගේ පවුල්වලට වන්දි වශයෙන් ගෙවීමට ඉරානය ඩොලර් 150,000ක් ගෙවීමට සූදානමින් පසුවේ. මෙසේ විපතට ලක්වූ අයට යුක්තිය පසිඳලීමට යුක්රේනය සාකච්ඡාවට මැදිහත් විය. ටෙහෙරානයෙන් ගුවන් ගත කිරීම ආරම්භ කළ යුක්රේන් අන්තර්ජාතික ගුවන් සේවයට අයත් බොයිං 737 වර්ගයේ ගුවන් යානයක් මේ ප්රහාරයට ලක් විය. මේ චෝදනාව මුලින් ප්රතික්ෂේප කළත් තමන් චේතනාන්විතව එය සිදු නොකළ බව ඉරානය පසුව පිළිගත්තේය.