යුක්රේන සංචාරකයන් රැගත් තවත් යානා 10ක් නුදුරේදීම මත්තලට

0
48

ඉදිරි දින කිහිපය තුළ තවත් යුක්රේන ජාතිකයන් රැගත් ගුවන් යානා 10ක් මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා දිනමිණට ඊයේ (01) පැවසීය. 2006 වසරේ සිට තමන් කළ කැප කිරීම නිසා තමන් කෙරෙහි ඇති විශ්වාසය මත මේ සංචාරකයන් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වුවද සංචාරය සඳහා මෙරටට පැමිණීමට සූදානම් බවත් හෙතෙම කීවේය. වැසී යමින් තිබූ සංචාරක හෝටල්වලට නව ජවයක් මෙමඟින් එක් වන බවද ඒ මහතා පැවසීය. 

කොවිඩ් ආසාදිතයන් දිනකට 500ක් සොයා ගැනෙන අවස්ථාවක කොවිඩ් ආසාදිත යුක්රේනියානුවන් 5 දෙනකු හමුවීම යනු ජෙප්පන්ට මෙන්ම හිටං හුටංට කරන සරදමක් බවද උදයංග වීරතුංග මහතා කීවේය.ඒ අනුව මේ සංචාරකයන් ගෙන්වීමේ වැඩපිළිවෙළට අකුල් හෙළන්නන්ට සහ යහපාලන යමපල්ලන්ට අභියෝග කරමින් තවත් ගුවන් යානා 10ක සංචාරකයන් ගෙන්වීමට දැනටමත් සැලසුම් කර හමාර බවද ඒ මහතා කියා සිටියේය.

 

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here