රථවාහන විශේෂ මෙහෙයුම පස්වැනිදා තෙක් ක්‍රියාත්මකයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
43

උත්සව සමය ආරම්භයත් සමඟ පෙරේදා (31) පමණක් සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයන් 04 දෙනකු මියගොස් ඇති අතර පුද්ගලයන් 31 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

එම රිය අනතුරු කටුවන, පන්නල, ඇල්ල සහ රක්වාන ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් ඒවා වලක්වා ගත හැකි රිය අනතුරු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. පසුගිය දෙසැම්බර් 20 වැනි දින සිට මේ වන තෙක් මෙරට සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 53ක් මියගොස් ඇති අතර පුද්ගලයන් 136ක් බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ වන විට රථවාහන විශේෂ මෙහෙයුම මේ මස 05 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් සැමවිටම මාර්ග රීතීන්ට අනුගතව ක්‍රියා කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර සිටී. 

 

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here