වැඩ නොකිරීමට කොරෝනා හේතුවක් කරගන්න එපා

0
40

නව වසරේ වැඩ ආරම්භ කරමින් ඇමැති නිමල් සිරිපාල ද සිල්වා කියයි

වැඩ නොකිරීමට කොරෝනා හේතුවක් කරගන්න එපායැයි කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) අමාත්‍යාංශයේ පැවැති නව වසරේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත්ඇමැතිවරයා මෙසේද කීය. කොරෝනා වසංගතය ස්වභාව ධර්මයා අපට එල්ල කළ ප්‍රහාරයක්.එය අපට ජීවිතයේ අනිත්‍යය සහ ධනය හා බලයේ ඇති නොවටිනාකම ලෝකයට කියා දුන් ඓතිහාසික පාඩමක් බවද ඇමැතිවරයා කීය.සාමාන්‍යයෙන් වසංගතයක් අවස්ථාවකදී ඊට ගොදුරු වන්නේ,බෝවන්නේ බොහෝවිට සමාජයේ දිළිඳු පන්තියේ එසේ නැතිනම් දිළිඳු ජන කොටස්වලට.නමුත් ලෝකයේ ධනකුවේරයන්,රාජ්‍ය නායකයන්,සුප්‍රකට පුද්ගලයන් පවා කොරෝනා වසංගතයට ගොදුරු වී දිවි අහිමි වුණා. ජීවිතයේ යථාර්ථය පිළිබඳ නැවත සිතා බලන්න කොරෝනා වසංගතය අපට අවස්ථාවක් දුන්නා .ඒ නිසා කොරෝනාවට බයෙන් කාර්යාලවල හෝ ගෙවල්වල සැඟවී සිට අපට මේ අභියෝගය ජය ගන්න බැහැ. කොරෝනා වසංගතය ජයගන්න අපි කළ යුත්තේ වැඩ කිරීමයි. කොරොනා වැඩ නොකර ඉන්න හේතුවක් කරගන්න එපා.

ගිය වසරවල ශ්‍රී ලංකාව සහ සමස්ත ලෝකයම සුවිශේෂ අර්බුදයකට මුහුණ දුන්නා. සමහර රටවල් එය ජයගත් අතර, තවත් සමහර රටවල් එය අර්ධයක් ජයගත්තද අපේ රට තවමත් එය ජය ගත්තා ද නැද්ද යන්න තීරණය කිරීමට කාලය එළඹී නෑ. කොරෝනා වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල්වලට ආර්ථික,සමාජීය හා මානසික අභියෝගයන්ට මුහුණ දෙන්න සිදුවුණා.සල්ලි සහ බලයෙන් මේ වසංගතයෙන් කිසිවකුට බේරෙන්න බැරි වුණා.එසේම කොරෝනා වසංගතය අපේ සමාජය තිබුණු බොහෝ චර්යා වෙනස් කරගන්න අපට බලපෑවා.සාමාන්‍යයෙන් අපි ඉතාමත්ම සමාජශීලී එකිනෙකාට සමීපව ජීවත්වෙන්න කැමති ජන කොට්ඨාසයක්.නමුත් මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථබව පවත්වා ගැනීම වැනි කාරණාවලට අපට යටවෙන්න සිදු වුණා.අපට හුරු පුරුදු මේ රටා සියල්ල සෞඛ්‍යය අංශ දෙන නියමයන් මත අපට වෙනස් කර ගන්න වුණා.අද මේ රටේ කොතනක හෝ සේවය කරන හැම කෙනාගේම සේවය රටට අතයවශ්‍යයයිත්යාවශ්යලම අවස්ථාවක් .රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා හැම දෙනාගෙම කැපවීම අත්‍යවශ්‍යයි. ඒ නිසා කොරෝනාවට බයෙන් කාර්යාලවල හෝ නිවෙස්වල සැඟවී අපට මේ රට හෝ මේ කොරෝනා වසංගතය ජය ගන්න බැහැ.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ, කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍ර කීර්ති,අමාත්‍යාංශයේ හා අනුබද්ධ ආයතනවල නිලධාරීන්ද අැමැතිගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීහු ද මේ අවස්ථාවට එක්වූහ.

අනුර ප්‍රේමලාල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here