ස්වදේශී වෙතින්, “කොහොඹ බේබි ඇවකාඩෝ”

0
19
2 ජනවාරි, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර සාරය මුසුකර, නවතම “කොහොඹ බේබි ඇවකාඩෝ ළදරු සබන්” වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

ළදරු සම තවත් සුසිනිදු කරන මෙම “ඇවකාඩෝ” ළදරු සබන් නිපදවා ඇත්තේ, කොහොඹ, අලිගැට පේර සාරය සහ අනෙකුත් ශාකසාර අමුද්‍රව්‍ය මිශ්‍රණයෙනි.

සබන් සිට කොලෝන්, ක්‍රීම් පවුඩර්, ඔයිල්, ෂැම්පූ සහ ගිෆ්ට් පැක් නිෂ්පාදන ඇතුළත් පුළුල් පරාසයක නිෂ්පාදන සහිත වෙළඳපොළේ ඇති එකම ශාකසාර ළදරු සත්කාරක වෙළඳ නාමය, ස්වදේශී කොහොඹ බේබි වේ.

සෑම කොහෙඹ බේබි නිෂ්පාදනයක්ම, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ සහතික කළ නිෂ්පාදන පෙළකි. එමෙන්ම, ස්වදේශී නිෂ්පාදන සඳහා යොදා ගන්නා සුවඳ ගන්වන, ජාත්‍යන්තර විලවුන් සංගමය (IFRA) මගින් අනුමත කර ඇති අතර, සෑම නිෂ්පාදනයක්ම,‍ ISO 9001 – 2015 තත්ත්ව සහතික යටතේ නිපදවා තිබේ.

ළදරු සම විෂබීජවලින් හා ඉරිතැලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා මෘදු සුසිනිදු පිරිසිදු කාරක ගුණාංගවලින් යුත් කොහොඹ ශාකසාරය, ස්වදේශී කොහොඹ බේබි සබන් නිෂ්පාදනවල අඩංගු ප්‍රධාන සංඝටකය වෙයි.

පර්යේෂණවලින් අනතුරුව නවීනතම යන්ත්‍රානුසාරයෙන් නිපදවනු ලබන නවතම සබන් වර්ග, ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here