
බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ ප්‍රසූත නිවාඩු දින 84 සිට 42 (අඛණ්ඩ දින) දක්වා කපා හැරීමට විරුද්ධව වෘත්තීය සමිති, බහුජන හා කාන්තා සංවිධාන එක්ව පසුගිය (24) දින බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ දී අත්සන් තැබූ ඒකාබද්ධ ප්‍රකාශය ජත්‍යන්තර කම්කරු සංවිධානයට බාර දීම අද (2021.01.01) දින උදෑසන සිදු කරන ලදි.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූ අතර නව අවුරුදු උදාවත් සමග මවුවරුන්ට දරුවන්ට හිමි මවුකිරි ලබා දීමේ අයිතිය තහවුරු කිරීමේ සටනට පන පෙවීමට කටයුතු කිරීම විශේෂත්වයකි.
…ගමගේ…
The post 2021 උදාවත් සමඟම මවුකිරි දීමේ අයිතිය ඉල්ලා ධම්මික පළමු වෙඩි මුරය පත්තුකරයි. appeared first on Lanka News Column.