Decathlon දැන් යුනියන් පෙදෙසේ

0
19
2 ජනවාරි, 2021

ලොව විශාලතම ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගම වන Decathlon පසුගියදා කොළඹ නගරය තුළ සිය දෙවැනි විශාලතම අලෙවිසැල විවෘත කිරීමට කටයුතු කළේ ය. මෙය ක්‍රීඩාව හා ශරීර සුවතාව හරහා ජනතාව වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් වෙත යොමු කරවීම සඳහා Decathlon දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. අංක 323, යුනියන් පෙදෙස, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි, වර්ග අඩි 500 ක ප්‍රමාණයකින් යුත් මෙම අලෙවිසැල වෙතින් පාරිභෝගිකයන්ට දැන් උසස්ම තත්ත්වයේ ක්‍රීඩා භාණ්ඩ වඩාත් පහසුවෙන් මිලදීගත හැකි වේ.

සුවිශේෂී සංකල්පයක් අනුව සැලසුම් කර ඇති Decathlon අලෙවිසැල තුළදී පාරිභෝගිකයන්ට විවිධ ක්‍රීඩා වර්ග 50 කට වැඩි සංඛ්‍යාවක් සඳහා වන උපකරණ 5000 කට වැඩි ප්‍රමාණයක් අතරින් තමන්ට කැමති භාණ්ඩ පහසුවෙන් තෝරාගත හැකි අතර, එහිදී ඔවුන්ට විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීමට Decathlon කාර්ය මණ්ඩලය සූදානමින් සිටී. ආධුනික මට්ටමේ සිට ප්‍රවීණයන් දක්වා ක්‍රීඩාවේ ඕනෑම මට්ටමක සිටින අයකුට සුදුසු ක්‍රීඩා භාණ්ඩ මෙහිදී ලබාගත හැකි අතර, අලෙවිසැල සතියේ සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා විවෘතව පවතිනු ඇත.

ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ දශකයකට අධික පළපුරුද්ද සමගින් Decathlon සිය කර්මාන්ත හවුල්කරුවන් සමග එක්වී නිෂ්පාදන මිලියන 45 කට අධික සංඛ්‍යාවක් නිපදවා ඇත.

නවීනතම ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ භාණ්ඩ මිලදීගැනීම වඩාත් පහසු කරමින් අන්තර්ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීමට අවස්ථාව සලසා දීමටත්, ඇණවුම් කළ භාණ්ඩ කොළඹ නගර සීමාව තුළ එදිනම ගෙනගොස් භාරදීමට හෝ අලෙවිසැල වෙත පැමිණ ලබාගැනීමට පහසුකම් සැලසීමටත් Decathlon කටයුතු කර තිබේ. www.decathlon.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙලෙස Decathlon භාණ්ඩ මිලදී ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here