JAT Holdings ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා වෙයි

0
8
2 ජනවාරි, 2021

JAT Holdings සමාගම 2020/2021 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරගාවලි වලදී නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා පසුගියදා ගිවිසුම් අත්සන් කළේ ය.

මුළුමනින්ම දේශීය සන්නාමයක් මෙන්ම දැව ආලේපන වෙළඳපොළේ අවිවාදිත ප්‍රමුඛයා වන එම සමාගම විසින්, ටෙන්ඩර් ක්‍රියාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය හිමි ITW Consulting සමාගම සමග එම ගිවිසුමට අත්සන් තබන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවිධ අනුග්‍රාහකත්ව, දැන්වීම්කරණ හා සන්නාම ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම නියෝජිත ආයතනයට බලය පවරා තිබේ. මෙම ගිවිසුම යටතේ JAT Holdings සමාගම 2020/2021 කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන දේශීය හා විදේශීය තරගාවලි සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here