මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක තිබී අතුරුදන් වූ පුපුරණ ද්‍රව්‍ය තොගය ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියා සඳහා යොදා ගැනීමේ සැලසුමක් නොතිබූ බව අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම පුපුරණ ද්‍රව්‍ය තොගය අතුරුදන් වූයේ ඉකුත් 22 වැනි දිනයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
ඒවා සඟවා තිබුණේ, පේරාදෙණිය, තලවත්ත ප්රදේශයේය. එම සැකකරුවන් මේවා සොරාගෙන ඇත්තේ තවත් ගල්කොරි සදහා අලෙවි කිරීමට බව අනාවරණය කර ගෙන ඇතැයි සදහන් වේ.
මැවනැල්ල පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.