හොරොව්පතාන අඹගස්වැව පුරාණ රාජ මහා විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 50 ක් වැය කර ඉදිකරන ලද අභිනව ධර්ම ශාලාව මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මහත් පූජනීයත්යත්වයෙන් හා උත්සවාකාරයෙන් විවෘත කරන ලදි. හුරුළු පළාතේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැව විහාරාධිපති විචිත්‍රභානී විමල කීර්කි ශ්‍රී ඉන්ද්‍රරතන නායක හිමියන්ගේ අනුශාසනා හා ආරාධනයෙන් නව ධර්මශාලාව විවෘත කර බොදුජන අයිතියට පැවරීම සිදු කරන ලද්දේ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසිනි.
මෙම අවස්ථාවේ විහාරාධිපති නායක හිමියන් අනුශාසනාවක් කරමින් මෙය සාර්ථක කර ගැනීමට සහය දුන් සැමට කෘතවේදීත්වය පළ කළහ. ඒ අනුව මහා සංඝරත්නය අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක, බෞද්ධ කටයුකු අමාත්‍යාංශයේ වක්මන් ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, හිටපු ලේකම් චන්ද්‍ර ප්‍රේම ගමගේ, පූජා භූමි අධ්‍යක්ෂක රුචිර විතාන, හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් ආර්. සෙන්තිල් යන මහත්වරුන් කළ සේවය විහාරාධිපති නායක හිමියන්ගේ ප්‍රසාදයට හා ප්රණාමයට ලක් විය.
මේ අවස්ථාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලංකාරාමාධිකාරී රළපනාවේ ධම්මජෝති හිමි ප්‍රධාන මහා සංඝරත්නය ද බෞද්ධ කටයුතු අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තු නිලධාරීහු ද, මධ්‍යම සංස්කෟතික අරමුදලේ ප්‍රාදේශීය නිලධාරීහු, විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ ප්‍රදේශයේ බෞද්ධ සංවිධානවල සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.
වෝල්ටර් දයාරත්න, අනුරාධපුර දිසා විශේෂ