ඉස්ලාම්වාදී ත්රස්තවාදීන් නයිජර් හි ගම්මාන දෙකකට පහර දී 79 දෙනකු ඝාතනය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ට්චොම්බන්ගොවු නම් ගම්මානයේ 49ක් ඝාතනය කර 17කට තුවාල සිදුකර ඇති අතර, සරොම්ඩරෙයේ නම් ගම්මානයේ 30 දෙනෙක් ඝාතනයට ලක් වී ඇත. මේ ගම්මාන දෙකම නයිජර්හි මාලි රාජ්‍යයට ඇති දේශසීමාවට ආසන්න ඒවා වේ. සහේල් කලාපයේ පසුගිය දිනවල සටන්කාමීන් ගෙනගිය ප්රචණ්ඩ ක්‍රියා රැසක්ම සිදු විය. තමන්ගේ සොල්දාදුවෝ දෙදෙනෙක් සෙනසුරාදා (2) මියගිය බව ප්රංසය මේ අතර නිවේදනය කළේය.