ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

0
32

නීති විරෝධී ගිනි අවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු බවට පත් වීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ඌවතැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව ලබාදීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන තීරණය ජනාධිපතිවරයා විසින් අධිකරණ ඇමැතිවරයාට දන්වා යවා ඇති බව වාර්තාවේ.

2010 වර්ෂයේ පැවති ජනාධිපතිවරණ සමයේදී උන්වහන්සේ වැඩ සිටි මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයේ සඟවා තිබු නීති විරෝධී ගිනි අවි සහ වෙඩි උණ්ඩ 200ක් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබු අතර ඒ අනුව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව උන්වහන්සේ ඇතුළු සැකකරුවන් සිව්දෙනකුට පසුගිය වර්ෂයේ ජුනි මාසයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරිණි.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියකු පැවැසුවේ උන්වහන්සේ නිදහස් කිරීම සම්බන්ධනයෙන් වූ ලියකියවිලි මෙතෙක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here