එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කඩිනමින් කෙනෙක් නම් කරනවා

0
39

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මේ මාසය තුළ අනිවාර්යයෙන්ම අයකු නම් කරන බවත් ඇතැම් විට ඒ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාම වීමටත් හැකි බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවැසීය.

ආණ්ඩුවත් එකයි, විපක්ෂයත් එකයි. පාර්ලිමේන්තුවේ බැනගන්නවා, එක එක චෝදනා එල්ල කරගන්නවා, රෑට පාටි දාගෙන සින්දු කියනවා. ඒක නිසා තමයි නැවත එක්සත් ජාතික පක්ෂය අවශ්‍ය වන්නේ යැයිද ඒ මහතා කියා සිටියේය. ඉදිරි සතිය වනවිට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා යැයි කියා සිටි ඒ මහතා බහුතරයක් නායකතුමා සුදුසු බව කියා සිටි බවත් කීවේය.

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here