දිස්ත්‍රික්ක කිහිපයක කොරෝනා අනු පොකුරු ඇතිවිය හැකියි!

0
39

කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර දිවයිනේ සෙසු ප්‍රදේශවල කොරෝනා අනු පොකුරු වර්ධනය වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යම් තරමකට අඩු වී ඇතත් අනෙක් ප්‍රදේශවල ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව ය.

කළුතර, බේරුවල, මොණරාගල සහ කාන්තන්කුඩි ප්‍රදේශවල කොරෝනා අනු පොකුරු වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව උපුල් රෝහණ මහතා සඳහන් කළේ ය.

සෞඛ්‍ය උපදෙස් නිසිලෙස අනුගමනය කරමින් නව කොරෝනා පොකුරු ඇතිවීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ වෙත සහය වන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here