නොර්වේ නායයාමෙන් සුන්බුන් අතර සිර වූ හතරකගේ සිරුර හමු වෙයි

0
5

නොර්වේ රාජ්‍යයේ අති විශාල නායයාමකින් සුන්බුන් බවට පත් වූ නිවාසවල සිටි සිව්දෙනකුගේ මළ සිරුරු හමු වී ඇතැයි එරට පොලීසිය නිවේදනය කරයි.

සිරුරු තුනක් හමු වී ඇත්තේ සෙනසුරාදාය (2). මුලින්ම හමු වූ සිරුර 31 හැවිරිදි එයිරික් ග්‍රොනොලෙන් නම් අයකුට අයත් බව පොලීසිය වැඩිදුරටත් කියයි. ආස්ක් නම් ගමේ කඳු සහිත ප්‍රදේශයක් නායයාමට ලක් වී පැමිණි මඩ තට්ටුවකට මේ පිරිස ලක් වී ඇත. තවමත් හය දෙනකු අතුරු දහන් වී ඇත. මුදාගැනීමේ අංශ ඉතා අසීරු කාලගුණික තත්ත්වයන් යටතේ රාජකාරී සිදුකරගෙන යයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here