පළාත් පාලන මැතිවරණයට සූදානම් විය යුතුයි

0
40

පළාත් සභා මැතිවරණයට පෙර වැඩි බලතල ලබාදෙමින් පළාත් පාලන මැතිවරණය පැමිණෙන බැවින් ඒ සඳහා සූදානම් විය යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

පළාත් සභා මැතිවරණය පරදින බව බුද්ධි අංශ සමීක්ෂණ මඟින් හෙළිවීම නිසා එම මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බවද ඒ මහතා කීය.

ජාතික සමඟි ජන බලවේගයේ සෙංකඩගල ආසන බල මණ්ඩල රැස්වීම පෙරේදා (02) පැවැති අවස්ථාවේදී කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වීමත් සමඟ ආණ්ඩුව බුද්ධ අංශ යොදවා සමීක්ෂණ දෙකක් කළ බවත් ඒ දෙකෙන්ම පරාජය අත්වන බව වාර්තා කිරීමත් සමඟ එම මැතිවරණය පස්සට දැමීමට ආණ්ඩුව පියවර ගත් බවත් හෙතෙම කීය.

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here