බයිඩන්ගේ ජයග්‍රහණය පිළිගන්නේ නැහැ

0
10

දූෂණ සිදු නොවූ බව තහවුරු කරන්න කොමිසමක් ඕනෑ

සෙනෙට් සභික පිරිසක් කියති බහුතර සහය  ජෝ බයිඩන්ට

ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය තමන් පිළිගන්නේ නැති බවත්, මැතිවරණයේ දූෂණ සිදු නොවූ බව තහවුරු කිරීමට නම් කොමිසමක් පත් කළ යුතු බවත් පවසමින් බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය ආපසු හැරවීමේ අවසාන උත්සාහයට අමෙරිකාවේ සෙනෙට් සභිකයෝ පිරිසක් උත්සාහ දරති.

ටෙඩ් කෲස්ගේ නායකත්වය යටතේ සෙනෙට් සභිකයන් 11ක් මැතිවරණ ප්‍රතිඵල විගණනය කිරීමට දින 10ක පමාවක් අවශ්‍ය බව කියති. කෙසේ වෙතත් සෙනෙට් සභිකයන්ගේ බහුතරය ජනවාරි 6 වැනි දා ජෝ බයිඩන්ට සහාය ලබා දීමට තීරණය කිරීමත් සමඟ මේ උත්සාහය ව්‍යර්ථ වනු ඇතැයි විශ්වාස කෙරේ. ජනාධිපති ට්‍රම්ප් පරාජය පිළි නොගනිමින් නිරන්තරයෙන්ම මැතිවරණ දූෂණ සිදු වූ බව පවසතත් එය තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්ව සිටියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here