
මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම සේවකයන් අද දිනයේ තම රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ. මිය ගිය කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් එහි ශීතාගාරයේ තැන්පත් කර තැබීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
මෙම මළ සිරුර ඉවත් කරන්නැයි බලධාරීන් දැනුවත් කළ ද ඒ සිදුකර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් කාර්යාලයේ සියලු දෙනා දැන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව පවසමින් ඊට විරෝධය පා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.
The post මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයන් රාජකාරියෙන් ඉවත් වෙයි. appeared first on Lanka News Column.