මාවනැල්ල, හිගුල, මොල්ලිගොඩ ප්‍රදේශයේ ගල් කොරියකින් ඉකුත්දා සොරා ගැණුනු පුපුරණ ද්‍රව්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී විසින් පේරාදෙණිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.