මේ දවස්වල කොත්තු රොටි, ෆ්‍රයිඩ් රයිස් කටේ තියන්න එපා – කෑවොත් වෙනදේ මෙන්න! [VIDEO]

0
39

කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීම සඳහා කොත්තු රොටි-ෆ්‍රයිඩ් රයිස් ඇතුළු ක්ෂණික ආහාර ගැනීමෙන් වළකින ලෙස වෛද්‍යවරු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ක්ෂුද්‍රජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය නීලිකා මලාවිගේ පැවසුවේ සමහර පුද්ගලයින්ගේ ජීවන රටාව නිසා කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ඇති ප්‍රතිශක්තිය අඩු විය හැකි බවයි.

මහජනයා නිරෝගීව සිටිය යුතු බවත්, සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කළ යුතු බවත්, අවශ්‍ය විටමින් පරිභෝජනය කළ යුතු බවත් ඇය පවසයි.

මෙම කාලවකවානුවේදී ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් එළවළු සහ පලතුරු අනුභව කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පවත්වා ගෙන යායුතු බවද ඇය සදහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here