ලැරී කිං ට කොරෝනා

0
39
ලෝකප්‍රකට අමෙරිකානු  ප්‍රවීණ රූපවාහිනී මාධ්‍යවේදී ලැරී කිං කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් ඔහු මේ වන විට ලොස්ඇන්ජලීස් හි රෝහලකට ඇතුලත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
 
පවුලේ සමීප පුද්ගලයකු උපුටා දක්වමින් සීඑන්එන්  ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ 87 හැවිරිදි ලැරී කිං සතියකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
 
ලැරී කිං ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මේ දක්වා තොරතුරු අනාවරණ වී නැත. ලැරී පසුගිය වසර කිහිපය තුළ බොහෝ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දී තිබුණි.
 
ලැරී කිං වසර 60 ක සිය වෘත්තීය ජීවිතය තුළ අවස්ථා ගණනාවකදී ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වී තිබේ. 1970 දශකයේදී ආරම්භ කළ ලැරී කිං ෂෝ ගුවන් විදුලි වැඩසටහන තුළින් ඔහු ලොව පුරා කීර්තියට පත්විය.
 
අනතුරුව 1985 සිට 2010 දක්වා කාලය තුළ  සීඑන්එන් ආයතනය සමග එක්ව ලැරී කිං ලයිව් වැඩසටහන  මෙහෙය වූ ලැරී කිං ලොව ප්‍රධාන පෙළේ දේශපාලඥයින්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඇතුළු විවිද තරාතිරමේ පුද්ගලයින්සම්මුඛ සාකච්ඡාවට ලක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here