ලොව හොල්ලන මාධ්‍යකරු ලැරී කිංට කොරෝනා

0
15

මාධ්‍ය කුවේරයකු වන ලැරී කිං කොරෝනා වයිරසය ආසාදනය වී ලොස් ඇන්ජලීස් නුවර රෝහල්ගත කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය අනාවරණය කරයි.

ඔහුගේ පවුලේ සමීප ආරංචි මාර්ග ඒබීසී නිවුස් සහ සීඑන්එන් වෙත ප්‍රකාශ කොට ඇත්තේ ඔහු සෙඩාර්ස්-සිනායි වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටින බවයි. වසර 60ක අද්විතීය මාධ්‍ය දිවියකට උරුමකම් කියන ඔහු සුප්‍රකට පීබොඩි සම්මානය සහ එමී සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසකට උරුමකම් කියයි. හෘදයාබාධයක් ඇතුළු සෞඛ්‍ය ගැටලු කිහිපයකටම ඔහු පසුගිය කාලයේ මුහුණ දුන්නේය. 87 හැවිරිදි කිංගේ සෞඛ්‍ය තත්ත්වය ගැන, ඔහුගේ නියෝජිතයන් වැඩිදුර විස්තර පවසා නැති අතර වත්මන් තත්ත්වය අවිනිශ්චිත යැයි බීබීසී වාර්තා කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here