ශෝටීස්, කොත්තු, රයිස් වර්ග නිතරම ගැනීමෙන් ප්‍රතිශක්තිය දුර්වල විය හැකියි.

0
67

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාව හා ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය නිලීකා මලවිගේ පැවසුවේ කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීම ආරම්භයේ සිට එහි ප්‍රභේද සහ හැසිරීම පිලිබඳව මසකට වරක් පරීක්ෂණ සිදුකරනු ලැබූ බවයි. නමුත් බ්‍රිතාන්‍යයෙන් සහ දකුණු අප්‍රිකාවෙන් කොරෝනා වෛරසයේ පැතිරීම වඩා වේගවත් නව ප්‍රභේද හඳුනාගැනීමත් සමග සෑම සතියකට වරක් මෙරට තිබෙන කොවිඩ් වෛරස ප්‍රභේද පිළිබඳ අධ්‍යයනය කිරීමට සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන බවයි.

එසේම කොරෝනා වෛරසයට ඔරොත්තු දීම සඳහා ප්‍රතිශක්තිය සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීම වැදගත් බවත් සමහර පුරුදු හේතුවෙන් උදාහරණ ලෙස ෆාස්ට් ෆුඩ් හෙවත් ක්ෂණික ආහාර වර්ග (ශෝටීස්, කොත්තු, රයිස් වර්ග) නිතරම ගැනීමෙන් ප්‍රතිශක්තිය දුර්වල විය හැකි බවයි. කොළවර්ග, එළවළු, පළතුරු සහිතව සමබෙර ආහාර වේලක් ගැනීමෙන් සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩනැගෙනවා. ඒවාගේම හොඳ ව්‍යායාම කිරීමද ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමට ඉවහල් වන බවත් කිසියම් පුද්ගලයකුගේ සිරුරේ විටමින් ඌණතාවයක් පවතින්නේ නම් නිසි මාත්‍රාවට විටමින් ඩී ලබා ගැනීමද වැදගත් බවත් සෑම ජීවියෙකුම තමන්ගේ වර්ගයා බෝ කිරීම සඳහා වැඩි වැඩියෙන් පරිණාමය වනවා සේ කොරෝනා වෛරසයද මේ වන විට පරිණාමය වෙමින් නව ප්‍රභේද බිහි කරමින් පවතින බැවින් ශ්‍රී ලංකාවේද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් ඇති වීමේ ඉඩක් පවතින බව මහාචාර්යවරිය වැඩිදුරටත් පැවසීය.

 

The post ශෝටීස්, කොත්තු, රයිස් වර්ග නිතරම ගැනීමෙන් ප්‍රතිශක්තිය දුර්වල විය හැකියි. appeared first on Lanka News Column.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here