‘සේනා‘ මර්ධනයට රුවන්ඩාවේ බෙහෙත් බෙදුවේ නෑ – කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ

0
38

 

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා රුවන්ඩාවෙන් බෙහෙත් ගෙනවිත් මෙරට බෙදූ බවට පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

රුවන්ඩාව සේනා දළඹුවා මර්දනය කිරීමට අනුගමනය කළ තාක්ෂණික ක්‍රමවේද හුවමාරු කර ගැනීම සඳහා පමණක් එම රටින් කණ්ඩායමක් මෙරටට පැමිණි බවත් ඒ සඳහා වන වියදම් පවා ඔවුන් ස්වෙච්ඡාවෙන් දැරූ බවත් ඒ මහතා කීය.

නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදී පෙරේදා (02) පැවැති මාධ්‍ය හමුවකදී අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම කණ්ඩායම මෙරටට පැමිණියේ යුද හමුදාපතිවරයාගේ මැදිහත් වීම මත බවද හෙතෙම පැවසුවේය.

මෙවර කන්නයේ හෙක්ටයාර 105000ක බඩ ඉරිඟු වගාව සාර්ථකව සිදුකර තිබෙන බවත් ඉන් ඉතා හොඳ අස්වැන්නක් ලැබී තිබෙන බැවින් බඩ ඉරිඟු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.

සමස්ත බඩ ඉරිගු වගාවෙන් සේනා දළඹු හානිය සිදුව තිබෙන්නේ 5% ක ප්‍රමාණයකට පමණක් බවත් ඒ සඳහා ගොවීන්ට වන්දි ගෙවීමට රජය සුදානම් බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here