Gadget පිටුව

    0
    4

    දුරකතනය හසුරුවන අමුතු වළල්ල

    ස්මාර්ට් දුරකතන කරළියට පැමිණීමත් සමඟම කෙටි කාලයකින් ස්මාර්ට් ඔරලෝසු ද වෙළෙඳපොළට පැමිණෙන්නට විය. ස්මාර්ට් දුරකතනයේ ක්‍රියාකාරිත්වය තවත් පහසු කරලීමට ස්මාර්ට් ඔරලෝසු බෙහෙවින් උපකාරී වන අතර එම උපාංග දෙක අතර ඇත්තේ දැඩි සබඳතාවකි. ස්මාර්ට් ඔරලෝසුව ස්පර්ශක තිරයකින් සමන්විත වන අතර දුරකතනයට පැමිණෙන ඇමතුම්, එස්.එම්.එස් මෙන්ම දුරකතනයේ බොහෝ ක්‍රියාකාරකම් මනා ලෙස ඔරලෝසුව මඟින් කර ගත හැකිය. එදිනෙදා කාර්යබහුල ජීවිතයේ දී තාක්ෂණයේ දියුණුවත් සමඟ පැමිණි ස්මාර්ට් ඔරලෝසුවට වැඩි වටිනාකම් එක් කිරීමට Mudra Band සමත් වී තිබේ.

    Mudra Band යනු ස්මාර්ට් ඔරලෝසුවේ පටි වෙනුවට සවි කළ හැකි වළල්ලක් කීවොත් නිවැ‍රැදිය. එය ඔරලෝසුවේ පටියට අමතරව ඉන් එහාට ගිය ක්‍රියාකාරිත්වයකින් සමන්විතය. Mudra Band සමඟ ඔබ ස්මාර්ට් ඔරලෝසුවක් පැලඳ සිටී නම් අමුතුවෙන්ම තිරය ස්පර්ශ කිරීමකින් තොරව අතේ ඇඟිලි චලනය කිරීමෙන් අවශ්‍ය අයුරින් දුරකතන ඇමතුම් ලබා ගැනීම, සින්දු ඇසීම ආදි බොහෝ දේ සිදු කළ හැකිය. Mudra Bandහි පවතිනා සංවේදක ඔස්සේ ඔබගේ අතෙහි සිදු කරන්න චලන ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය කරුණ ස්මාර්ට් ඔරලෝසුව හොඳින් හඳුනා ගනී. සාමාන්‍ය දුරකතන ක්‍රීඩා පවා මේ Mudra Band පැලඳීමෙන් සිදු කළ හැකි අතර ඇපල් ස්මාර්ට් දුරකතනවලට පමණක් ප්‍රතිචාර දක්වයි.

     

    කීබෝඩ් දෙකට කඩා පාවිච්චියට ගැනීම

    පරිගණක ක්‍රීඩා කරන්නන්, පරිගණකයෙන් යතුරු ලියන පුද්ගලයන් මෙන්ම පරිගණකයකින් වැඩ කරන ඕනෑම කෙනකුට අවශ්‍ය උපකරණයක් ලෙස යතුරු පුවරුව හැඳින්විය හැකි අතර එය වර්තමානය වන විට විවිධ නව කොටස් එක් වෙමින් වෙළෙඳපොළට පැමිණෙමින් පවතී. දිනෙන් දින අලුත් වන කීබෝඩ් ඔස්සේ පරිගණක ක්‍රියා කරවන්නන්ට පහසුවක් සිදු වන අතර පරිගණක ක්‍රීඩාවල යෙදෙන්නන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සැලකිය හැකිය.

    Ultimate Hacking Keyboard යනු වෙනස්ම කීබෝඩයකි. ඔබ මීට පෙර අසා තිබෙනවා ද Keyboard එකක් දෙකට කඩා භාවිත කිරීමක් ගැන? Ultimate Hacking Keyboard හි ඇති විශේෂත්වයත් එයයි. භාවිත කරන්නාගේ අත්වල පහසු ඉරියව්වට සරිලන අයුරින් තබා ගැනීමට හැකි වන ලෙස මැදින් වෙන් කිරීමට හැකි අයුරින් නිපදවා ඇත. තව ද කොටස් දෙකකට වෙන් වූ කීබෝඩ්හි භාවිත කරන්නාට පහසු වන පරිදි කොටස් දෙක වෙන වෙනම උස ප්‍රමාණය ද වෙනස් කර මේසය මත තබා ගැනීමට හැකිය. දෙකට වෙන් කළ කීබෝඩ් අවශ්‍ය කොටස් ද එකතු කිරීමට හැකියාවක් පවතින අතර කෙනකුට මේ මොන මෝඩ වැඩක් ද යන්න තේරුම් ගියද එක දිගට පරිගණකයක් ඉදිරිපිට වාඩි වී සිටින්නකුට නම් Ultimate Hacking Keyboard කියන්නේ වටිනා කීබෝඩ් වර්ගයකි.

     

    බයිසිකලේට ජංගම හුළං ගබඩාවක්

    පාපැදියක් භාවිත කිරීමේදී ඔබ මුහුණ දෙන මූලිකම ගැටලුව වනුයේ රෝදවල හුළං නැති වීමයි. ඒ හැරුණු කොට සාමාන්‍යයෙන් පාපැදියක් පදින්නකු වෙනත් අකරතැබ්බයකට මුහුණ දීමක් සිදු වේ නම් ඒ කලාතුරකිනි. හුළං නැති වූ අවස්ථාවකදී ඔබට හුළං ගසනා තැනක් වෙතටම පාපැදිය තල්ලු කරගෙන යෑමට සිදු වන අතර Ride Air ඔබව ඒ කරදරයෙනුත් නිදහස් කරනු ඇත.

    Ride Air යනු පාපැදියේම ගෙන යා හැකි ජංගම හුළං ගබඩාවක් ලෙස හැඳින්විය හැකිය. මෙය නිතරම පාපැදියේ සවිකරගෙන යා හැකි වීමෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී බොත්තමක් ඔබමින් ඔබටම රෝදයේ අඩු වූ හුළං ප්‍රමාණය පහසුවෙන් ලබා දීමේ හැකියාව පවතී. එමෙන්ම නැවත ඔබ හුළං ගසනා ස්ථානයකින් බැටරියක් ආරෝපණය කර තබා ගන්නා මෙන් හුළං ගබඩා කර තබා ගත හැකි අතර රෝදයට ලබා දිය යුතු හුළං ප්‍රමාණය හරියටම බලා ගැනීමට මිනුම් උපකරණයක් ද පවතී. පාපැදියක් භාවිත කරන සෑම කෙනකුටම ඩොලර් 39ක් වැනි මුදලකට මිල දී ගත හැකිය.

    පාරජම්බුල කිරණෙන් වසංගත පාලනය

    වර්තමානයේ කොවිඩ්-19 වසංගතයෙන් මිය යන සංඛ්‍යාවේ වර්ධනයක් මිස අඩු වීමක් නම් පෙන්නුම් නොකරයි. ඒ සඳහා එන්නත් කිහිපයක් සොයාගෙන ඇති අතර අතොරක් රටවල් විසින් මහජනතාවට එන්නත් දීම අරඹා ඇත. එනමුත් නිශ්චිතවම මේ එන්නත්වලින් වසංගතය මුළුමනින්ම තුරන් කළ හැකි බවක් තහවුරු කර නැත. එබැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට පුරුදු වෙමින් තම එදිනෙදා වැඩ කටයුතු කිරීමට පුරුදු වීම හැර තවමත් ඊට නිසි විකල්පයක් නැති වීමෙන් ලොව සෑම රටක්ම පාහේ දැඩි ආර්ථික අර්බුදවලට ලක්ව තිබේ.

    ඔබ පාරජම්බුල කිරණ පිළිබඳ අසා ඇති අතර එමඟින් විවිධ වයිරස, බැක්ටීරියා විනාශ කළ හැකි බවත් අසා ඇති බවට සැක නැත. බොහෝ විද්‍යාඥයන් පාරජම්බුල කිරණ (UV) යොදා ගනිමින් මේ කොවිඩ්-19 වසංගතය පැතිර යෑම පාලනය කිරීමට ද විවිධ සොයා ගැනීම් සිදු කරමින් පවතී. එහෙත් මේ UV කිරණ අජීවී වස්තූන්වලට හානිකර නොවුණ ද මිනිස් ශරීරයට අහිතර බැවින් මිනිසුන් සහිත ස්ථානවල දී එය භාවිත කිරීමට නොහැකි වී තිබේ. මිනිස් සමට UV කිරණ හේතුවෙන් පිළිකා ඇති වීමේ අවදානමක් පවතින අතර හිරු එළියෙන් ලැබෙනා UV කිරණ ද ඕසෝන් ස්ථරය හරහා පැමිණීමෙන් මිනිසා ආරක්ෂා කාරී කිරීමට ස්වභාව ධර්මය සමත් වී තිබේ. එහෙත් අද වන විට ද මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් ඕසෝන් ස්ථරයට හානි වී ඇති අතර UV කිරණ මඟින් ඇති වන අවාසනාවන්ත පිළිකා තත්ත්වවලට මිනිසාට මුහුණ දීමට සිදුව තිබේ.

    කෙසේ වෙතත් මිනිසුන් නැති ස්ථානයක් විෂබීජහරණය කර ගැනීමට නම් UV කිරණ භාවිත කිරීමට වර්තමානයේ විද්‍යාඥයන් සමත් වී ඇත. Usb UV sterilizer යනු කෙනකු ස්පර්ශ කළ හෝ විෂබීජ පැවතිය හැකි වගේම අද වන විට පැතිර යන කොවිඩ්-19 වසංගතයෙන් බේරී සිටීමට ඔබට පරිස්සමින් භාවිත කළ හැකි උපකරණයකි. මෙය තම ස්මාර්ට් දුරකතනයේ USB port එකට සම්බන්ධ කිරීමෙන් භාවිත කළ හැකි අතර පහසුවෙන් ඕනෑම තැනක රැගෙන යා හැකිය. එදිනෙදා සිදු කරන වැඩකටයුතුවල දී එසේත් නැත්නම් පොදු ප්‍රවාහනයේ දී මෙන්ම රාජකාරි ස්ථානයේ භාවිත කරන උපකරණ විෂබීජහරණය කර ගැනීමට Usb UV sterilizer භාවිත කළ හැකිය.

    අද වන විට පොදු ප්‍රවාහන ක්‍රමවල දී පවා බස් රථ, දුම්රිය, ගුවන් යානා ආදි විශාලත්වයෙන් වැඩි වාහන විෂබීජහරණය කිරීමට බොහෝ රටවල් UV කිරණ භාවිතයට ගනී. තප්පර 10ක් වැනි කුඩා කාලයක දී වුව ද මනා ලෙස විෂබීජහරණ වන අතර අවශ්‍ය ස්ථානයේ UV කිරණ වැදීමට සැලැස්වීමෙන් විෂබීජහරණය කර ගත හැකිය. Usb UV sterilizer උපකරණයක් මිල දී ගත්ත ද UV කිරණ සම මත ස්පර්ශ නොවීමට ඔබ වගබලා ගත යුතුය.

    නැවුම් බව රකින කෑම පෙට්ටි

    අප කවුරුත් ආහාර අනුභවයේ දී සැලකිලිමත් වන කරුණු කිහිපයකි. ඉන් වැඩි වශයෙන්ම ආහාරයේ නැවුම් බව පිළිබඳ අවධානය යොමු කිරීමට අපි සමත් වන්නෙමු. නැවුම් බව යනුවෙන් පවසන විට පලතුරු ආදියට එය විශේෂයෙන්ම වැදගත්ය. අප නිවෙසේ ශීතකරණයක් භාවිත කිරීමට අප පුරුදුව ඇත්තේ ආහාර කල් තබා ගැනීමටය. එහෙත් අපගේ ඇසට නොපෙනෙන තරමින් වුව ද ආහාර දිනෙන් දින නැවුම් බව අඩු වෙමින් නරක් වීමක් සුළු වශයෙන් හෝ ශීතකරණ තුළ ද සිදු වීමේ හැකියාව පවතී. නිතරම ශීතකරණය ඇරීම, වැසීම හේතුවෙන් පවා බාහිර පරිසරයේ පවතින බැක්ටීරියා ආදිය ද එසේ සිදු වීමට බලපාන තවත් කරුණකි.

    Vacuvita යනු ආහාරවල නැවුම් බව රැක ගැනීමට නිෂ්පාදනය කළ වෙනස්ම වර්ගයේ උපකරණයකි. Vacuvita ස්වයංක්‍රීය හා තිරසාර මුළුතැන්ගෙයි පද්ධතියක් ලෙස හැඳින්විය හැකි අතර ආහාරයේ නැවුම් බව පස් ගුණයකින් රැක ගැනීමට සමත් වන බව මවු සමාගම පවසයි.

    මෙමඟින් ආහාර රික්තයක් තුළ ගබඩා කිරීමට උපකාරී වන අතර ඔක්සිජන්, තෙතමනය මෙන්ම ආහාර නරක් වීමට බලපාන සියලු සාධකවලින් වෙන් කර තැබීමට සමත් වෙයි. තව ද ඔබ සාදා ගන්නා කේක්, බනිස් ආදිය Vacuvita මඟින් කල් තබා ගනිමින් ආහාරයට ගැනීමට හැකිය. මෙහි කුඩා ප්‍රමාණයේ පෙට්ටි මෙන්ම කවර ද පවතින අතර Vacuvitaහි පවතින නළයකින් ආහාරය රැඳි කොටස රික්තයක් සේ සැකසීම සිදු කරයි.

     

    සිසිල ගෙනෙන ගෙල ලන ෆෑන්

    ව්‍යායාම කිරීමේ දී, හෝටලයක කෑම ඉවීමේ දී, එළිමහනේ රැකියා කිරීමේ දී වැඩි වශයෙන්ම බාධාවක් බවට පත් වන්නේ හිරු එළියයි. විවිධ පුද්ගලයන්ගේ ශරීරයෙන් පිටවෙන දහඩිය ප්‍රමාණය වෙනස් වන අතර ඇතැමුන්ට වැඩි වශයෙන් දහඩිය පිටවීම හේතුවෙන් ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට ද ඉන් බාධා ගෙන දෙයි.

    Hands-Free කියූ සැණින් ඔබේ මතකය නැඟෙනුයේ සිංදු ඇසීමට උපකාරී වන උපකරණයක් වන අතර සිසිලනය ලබා ගැනීමට Hands-Free භාවිත කරනවා යැයි ඔබ මීට කලින් අසා නැතිවාට සැක නැත.

    Portable Hands-Free Fan යනු ඔබ ළඟින්ම සිටිමින්, ඔබගේ ශරීර උෂ්ණත්වය මඟ හැරවීමට උපකාරී වන උපාංගයකි. මෙය පහසුවෙන් බෙල්ලෙහි රඳවා තබා ගැනීමට හැකි අතර මුහුණට, බෙල්ලට, පිට ප්‍රදේශයට ආදි වශයෙන් සිසිලනය ලබා ගැනීමේ හැකිය. ආරෝපණය කරමින් භාවිත කිරීමට හැකියාව පැවතීමෙන් ඔබට ඕනෑම තැනකට පහසුවෙන් රැගෙන යෑමට මෙන්ම ඉන් පහසුවෙන්ම සිසිලනය ලබා ගැනීමට ද දැන් පහසුය.

     

    නාන ලෙඩේ සුව කරන අතේ ගෙන යන ෂවර්

    Shower එකක් කියූ සැණින් බොහෝ දෙනකුට තමන් ස්නානය කරනා තැන මතක් වනවා පමණක් වුව ද ඉන් එහාට වැඩි විශේෂත්වයක් නොවනු ඇත. එහෙත් මේ කියන්නට යන්නේ Shower එකකට විශේෂත්වයක් එක් කළ උපකරණයක් ගැනයි.

    Ivation Portable Shower යනු ඔබ යන්නා වූ ඕනෑම තැනකට රැගෙන යා හැකි Shower එකකි. ඒ වගේම ඕනෑම ජල බඳුනක් ආධාරයෙන් ඔබට පහසුවෙන් ස්නානය කර ගැනීමට හැකියාව පවතින අතර වාහන සේදීමට ආදී වෙනත් වැඩවලට ද භාවිත කිරීමේ හැකියාව ඇත. මීට වැඩි විදුලි බලයක් අවශ්‍ය නොවනා අතර තම පරිගණකය හරහා වුව ද ආරෝපණය කිරීමට හැකි වීම මෙහි ඇති වාසියකි. මල් වගාවලට ජලය ඉසීමට දැන් ඔබට දිගින් වැඩි බට අවශ්‍ය වන්නේ ද නැත. ජල බඳුනක් සමඟ Ivation Portable Shower එක ප්‍රමාණවත්ය.

    Ivation Portable Shower හි එක් කොටසක් ජල බඳුනට දමා අනෙක් අන්තයෙන් සුපුරුදු පරිදි ෂවරයක් අයුරින් ජලය විදීමක් සිදු කරනු ලබයි.

     

     

     ගයාන් සංජය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here