Pfizer එන්නත ලබාගත් ඊශ්‍රායලයේ පුද්ගලයින් 240කට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳිලා!

0
36

පසුගිය දෙසැම්බර් 21 දින ඊශ්‍රායල් බළධාරීන් දැඩි විශ්වාසයෙන් ආරම්භ කරන ලද Pfizer/BioNtech සමූහ එන්නත්කරණයෙන් පසු එම එන්නත ලබාගත් පුද්ගලයින් 240කට මේ වනවිට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව ඊශ්‍රායල් සෞඛ‍ය අමාත්‍යාංශයේ වාර්තා උපුටා දක්වමින් චැනල් 13 ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

Pfizer/BioNtech එන්නතේ දත්ත වාර්තා අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා දී දින 8ත් 10ත් අතර කාලයේදී ලබාගත් පුද්ගලයාගේ ප්‍රතිශක්තිය 50%කින් ඉහල යන අතර දෙවන මාත්‍රාව ලබාගත යුත්තේ පලමු මාත්‍රාවෙන් දින 21කදීය. ඔවුන් පවසන ආකාරයට ප්‍රතිශක්තිය 95%ක් දක්වා වර්ධනය වන්නේ ඉන් සතියකට පසුවයි.

ඊශ්‍රායල් බළධාරීන් අවධාරණය කරන්නේ මෙම සම්පූර්ණ කාල සීමාව තුළ එන්නත්ලාභීන් එරට කොවිඩ් 19 සෞඛ්‍ය අංශ උපදෙස් තදින්ම පිළිපැදිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here