පාපන්දු තරගයක ඔට්ටු ඇල්ලීමේ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඇට්ලිටිකෝ පාපන්දු ක්රීඩක කීරාන් ට්රිපියර්ට සති 10ක පාපන්දු තහනමක් පනවයි. ට්රිපර්ට පවුම් 70,000ක දඩයක් නියම කරන ලද අතර, නීති උල්ලංඝනය කිරීම් හතරක් හේතුවෙන් ලෝක පාපන්දු පාලක මණ්ඩලය මෙම දඬුවම පැනවීය. 2019 ජූලි මාසයේදී ටොටන්හැම් හොට්ස්පූර් සිට ඇට්ලිටිකෝ සමඟ එක් වූ 30 හැවිරිදි එංගලන්ත පාපන්දු ක්රීඩකයා පවසා ඇත්තේ තමන් ඔට්ටු ඇල්ලීමෙන් කිසිදු ලාභයක් ලබා නොගත් බවයි.