අමෙරිකාවේ මැතිවරණ ප්‍රතිඵලය උඩු යටිකුරු කිරීමට ප්‍රමාණවත් තරම් ඡන්ද ප්‍රමාණයක් සොයා ගන්නැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියාවේ ඉහළ මැතිවරණ නිලධාරියකුට උපදෙස් දෙන හඬ පටයක් ප්‍රසිද්ධියට පත් වී තිබේ. “මට අවශ්‍ය කරන්නේ ඡන්ද 11,780ක් පමණයි“ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් ප්‍රාන්ත ලේකම් බ්‍රැඩ් රැෆෙන්ස්පර්ගර්ට පවසා ඇති හඬ පටයක් වොෂිංටන් පෝස්ට් විසින් ප්‍රසිද්ධ කර ඇත. ජෝර්ජියාවේ ප්‍රතිඵලය නිවැරැදි බව බ්‍රැඩ් ප්‍රකාශ කරන ආකාරය මේ හඬ පටයේ වැඩිදුරටත් සටහන්ව තිබේ.