ටෝකියෝ 2020 ඔලිම්පික් උලෙළ ආරම්භ කිරීමට තව ඇත්තේ දින 200ක් පමණි. මේ බව දැක්වෙන දින ගණන් කිරීමේ දින දර්ශන ඊයේ ජපානයේ නගර පුරා ප්රදර්ශනය කෙරුණි. කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උලෙළ මේ වසරේ ජූලි මස 23 වැනිදා ආරම්භ වන බවත්, කොරෝනා වයිරස අභියෝග හමුවේ වුවද ඔලිම්පික් උලෙළ පවත්වන බව ජපානය පවසා ඇත. ඔලිම්පික් හා පැරාලිම්පික් ක්රීඩක ක්රීඩිකාවන් 15,000 ක් ජපානයට ගෙන්වා ගැනීමට සැලසුම් සකස් කොට ඇත.