ඉකුත් සෙනසුරාදා නයිජර් රාජ්‍යයේ මාලි දේශසීමාවට සමීප ගම්මාන දෙකක සිදු වූ ජිහාඩ්වාදීන්ගේ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇතැයි එරට අගමැතිවරයා කියයි. බ්රිගි රෆිනි ප්‍රකාශ කරන්නේ ට්චොම්බැන්ගෝ ගම්මානයේ 70ක් ද සරොව්ම්ඩරෙයේ ගම්මානයේ 30 දෙනකු ද මෙසේ ඝාතනයට ලක් වී ඇති බවයි. මෙය වර්තමාන ඉතිහාසයේ සිදු වූ මරණීයම දිනයයැයි ද නයිජර් රාජ්‍යය වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් සහ ඉස්ලාමික සටන්කාමිත්වයෙන් පිරීගොස් ඇතැයි බීබීසී වාර්තා කරයි. මේ ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් භාරගෙන නොමැත. ප්‍රදේශයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි එම ප්‍රහාරය එල්ල කිරීමට යතුරුපැදිකරුවන් සියයකට වැඩි පිරිසක් සහභාගි වී තිබේ. මේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී එකවිටම ප්‍රහාර එල්ල කර ඇත.