නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් 15000000ක් වටිනා කහකුඩු කිලෝ 7500ක් ශ්‍රී ලංකා රේගුවේ අවධානම් කළමණාකරණ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ නිතිවිරෝධී කහ තොගය ආනායනය කර ඇත්තේ මෝදර ප්‍රෙද්ශයේ ව්‍යාපාරිකයකු විසින් බවත් ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනුතරුව රක්ෂිත බන්ධනාගාගර ගත කරනු ලැබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවැසීය.
ඉකුත් වසරේ 21 වනදා අත්අඩංගුවට ගනු ලැබූ මේ කහකඩු තොගය ආනයනය කර ඇත්තේ තිරිඟු පිටි කිලෝ 19350ක් ආනායනය කරන ලෙස ප්‍රකාශ කරමිණි.
එලෙස ප්‍රකාශයට පත් කර තිබූ තිරිගූ පිටිවල වටිනාකම රුපියල් 1550000ක් බව කියා සිටින රේගුව සැක මත සිදු කළ පරීක්ෂාවකදී එම කන්ටේනරය තුළ තිබි කහකුඩු කිලෝ 7500ක් සහ තිරිඟු පිටි කිලෝ 11850ක් සොයා ගත් බවද කියා සිටියි.
මෙම කහකුඩු සහ තිරිඟු පිටි තොගය අඩි 20 බහාලුමක් තුළ බහා ඉන්දියාවේ සිට ආනායනය කර ඇති අතර රෙුගු භාරයේ රඳවා මෙහි මූලික පරීක්ෂණ රේගුව විසින් සිදු කරනු ලැබීය.
මේ නිති විරෝධී කන්ටේනරය අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් එස් ආනන්දේෂ්වරන්, රේගු අධ්‍යක්ෂක ඩී ඒ එස් චන්ද්‍රසිරි මහත්වරුන්ගේ උපදෙස් පරිදි නිජ්යෙ රේගු අධ්‍යක්ෂක සිදත් ද සිල්වා මහතාගේ අධික්ෂනය යටතේ සහකාර රේගු අධිකාරි කැලුම් තුෂාර, සුරේන්ද්‍ර අමරසිංහ, ඉඳුනිල් බණ්ඩාර, පුලස්ති ලක්ෂාන් සහ තරිඳු පරණමාන යන මහත්වරුන් විසින් සිදු කර තිබිණි.