ප්‍රංසයේ සම්මානනීය විලාසිතා නිර්මාණකරුවකු වූ අභාවප්‍රාප්ත පියරේ කාර්ඩින් පැරිස් නුවර දී පෞද්ගලික අවමංගල්‍යයක් පවත්වා මිහිදන් කර ඇත. ඔහු මිහිදන් කළ කළු පැහැති පෙට්ටිය සහ එහි තැන්පත් කළ කඩුව ඔහු විසින්ම තම අවසන් කටයුතු සඳහා නිර්මාණය කළ ඒවා වේ. මෙහි මුවහත කතුරක සහ එයට යාවුණු ඉඳිකටු මලක, දිදාලයක සහ නූල් පන්දුවක ආකෘතියකින් යුක්තය. 1993 දී මියගිය කළින් බිරිය ඇන්ඩ්‍රෙ ඔලිවර් මිහිදන් කළ ස්ථානයේම ඔහුව තැන්පත් කර ඇත. මියයන විට පියරේගේ වයස අවුරුදු 98කි.