බලුකිස්තානයේ ගල් අඟුරු පතලක කම්කරුවන් 11ක් ඝාතනය කරලා

0
16

බටහිර පාකිස්තානු ප්‍රාන්තයක් වන බලුකිස්තානයේ ගල් අඟුරු පතලක වැඩකරමින් සිටි කම්කරුවන් 11 දෙනෙක් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත. සටන්කාමීන් ඔවුන්ව පැහැරගෙන ගොස් ගල් අඟුරු පතලක් ළඟ දී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක් වූ පිරිස ෂියා සුළු ජාතික ප්‍රජාවක් වන හසාරා ජාතිකයෝ වෙති. ඔවුන් ෂියා ඉස්ලාම්වාදය අදහන බැවින් නිරන්තරයෙන්ම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක් වේ. මේ ඝාතන ත්‍රස්තවාදයේ ඉතාම අමානුෂික ක්‍රියාවන්යැයි පවසමින් එරට අගමැති ඉම්රාන් ඛාන් විසින් හෙළා දැක තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here