බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 සඳහා ඉදිරිපත් කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඊයේ මුල්වරට භාවිත කෙරිණි. මේ එන්නත මුලින්ම එන්නත් කර ඇත්තේ බ්‍රයන් පින්කර් නම් 82 හැවිරිදි රෝගියකුට වන අතර සෑම් ෆොස්ටර් නම් හෙදියක් මුලින්ම එය විදීම සිදුකර ඇත. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අයත් චර්චිල් රෝහලේ දී මේ එන්නත විදීම සිදු කර තිබේ. මෙය බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 රෝගයට එරෙහි සටනේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් බව එරට සෞඛ්‍ය ලේකම්වරයා පවසා තිබේ. එන්නත නිසා වසංගතය තුරන් වී යනු ඇති බවත් එයින් පසු මෙතෙක් ක්‍රියාත්මක සීමාකිරීම් ඉවත් කිරිමට හැකිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා තිබේ. සඳුදා වන විට එන්නත් ලක්ෂ 5ක් භාවිත කිරීමට සූදානම් කර තිබුණි.