06. කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමට මාස 9ක් තිස්සේ වසාදමා තිබූ කෙන්යාවේ පාසල් නැවත විවෘත කර ඇත. මේ අනුව ප්‍රාථමික පාසල් සහ ද්විතියික පාසල් විවෘත කර ඇත. මෙහිදී කොවිඩ්-19 පාලනය සඳහා නිර්දේශ රැසක් ද නියම කර තිබේ. අවසන් වසරේ සිසුන්ට පෞද්ගලිකව අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ඔක්තෝබර් මාසයේ සිටම දී තිබුණත් උත්සව සමයේ එය කෙටි කාලයකට නතර කර තිබිණි.
ශිෂ්‍යයින් සඳහා මුඛ ආවරණ මිල දී ගන්නා ලෙස මවුපියන්ට දැනුම් දී ඇති අතර එසේ මිල දී ගත නොහැකි සිසුන්ට ආණ්ඩුවෙන් ඒවා ලබාදීමට නියමිතය. වයස අවුරුදු 58ට වැඩි ගුරුවරු සහ කළින් ආසාදන පෙන්වූ ගුරුවරුන්ට දුරස්ථ ක්‍රම ඔස්සේ ඉගැන්වීමේ යෙදෙන ලෙසත් නොමැතිනම් එළිමහන් ස්ථානවල සිට පන්ති පවත්වන ලෙසත් දැනුම් දී තිබේ.