මෙරටට පැමිණි එංගලන්ත ක්‍රීඩක මොයීන් අලිට කොරෝනා

0
40
 
ශ්‍රී ලංකා සංචාරයට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි හට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරු වී ඇත. 
 
මේ වන විට ඔහු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වෙයි.
 
එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් ඊයේ(03) මෙරටට පැමිණි අතර එහිදී ඔවුන්ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සහ PCR පරීක්ෂය සඳහා යොමු කෙරුණි.
 
මේ අතර ක්‍රිස් වෝක්ස්ටද ස්වයං නිරෝධායනය වීමට සිදුව තිබෙන්නේ මොයින් අලි සමග සමීපව කටයුතු කිරීම හේතුවෙනි.
 
එංගලන්ත කණ්ඩායම හෙට පෙරවරුවේ තවත් PCR පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට නියමිත අතර ඉන් අනතුරුව හෙට පස්වරුවේදී පුහුණු කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව හිමි වේ.
 
දෙරට අතර ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ජනවාරි 14 වැනිදා ආරම්භ වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here