බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් 11 වන ශ්‍රේණිය සඳහා ලබන 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.
මාර්තු මාසයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.