ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන එංගලන්ත ක්‍රිකට් පිලෙන් පැසසුම්

0
20
Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කමිටු සභාපති මහාචාර්ය නික් පියර්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය මණ්ඩලයේ උපදේශක මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා අතර හමුවක් ඊයේ හම්බන්තොටදී සිදුවිය. එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා සැලසුම් සහගත වැඩ පිළිවෙළක් දියත් කිරීමේ අරමුණින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණි.

දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් හා සෞඛ්‍ය අංශ වෙතින් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලබාදී ඇති පහසුකම් පිළිබඳ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කමිටු සභාපති මහාචාර්ය නික් පියර්ස් මහතා සිය සතුට පළ කළ බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. පවතින තත්ත්වය හමුවේ කොරෝනා අර්බුදයට සාර්ථකව මුහුණදීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි නික් මහතා පවසා ඇත.

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම විශේෂ ගුවන් යානයකින් පෙරේදා උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් ශ්‍රී ලංකාවට පැමිණි අතර සියලු ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලයට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය සිදුකර ඇති අතර පසුව ගුවන් තොටුපොල පර්යන්තයේ සිට බස් රථයට ගොඩවීමට පෙර පීසීආර් පරීක්ෂණයක් ද සිදු කෙරුණි. එංගලන්ත පිලේ පුහුණුවීම් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here