අපේ රට සංචාරක කර්මාන්තයට දොර විවෘත වන තැනක් කියා ලෝකෙට පෙන්වන්න ආණ්ඩුවට ඕනෑවෙලා – සුනිල් හඳුන්නෙත්ති

0
32

ආණ්ඩුව විසින් තම ගජමිතුරන්ගේ සංචාරක කර්මාන්තයේ මුවාවෙන් ලංකාවෙහි කොරෝනා ව්‍යාප්ත කිරීමට ඉඩ දී ඇතැයි එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

විදෙස්ගත වෙලා ඉන්න ලාංකිකයන් මේ වන විට ලංකාවට එන්න බැරිව ඒ රටවල හිරවෙලා ඉන්න තත්ත්වය ගැනත් ලංකාවේ එයාර්පෝට් එක විවෘත කරලා මේ ආණ්ඩුව විසින් මැදපෙරදිග හා අනෙකුත් රටවල අසරණ වුණු ජනතාව ලංකාවට ගෙන්වනවා වෙනුවට ආණ්ඩුවේ ගජ මිත්‍රයන්ගේ සංචාරක කර්මාන්තය මුවාවෙන් කො⁣රෝනා ලංකාවේ ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියකට අනුග්‍රහය දීලා තියෙනවා. මේ පිළිබඳව ජාතිකව හා අන්තර්ජාතික වශයෙන් අසරණව සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම හා ඔවුන් වෙනුවෙන් රටේ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවේ.

කොවිඩ් ඇතිවූවාට පසුව එතෙර අපි සංවිධානය විදියට අපි කිහිපවතාවක්ම ඒ ඒ රටවල අපේ ජනතාව අසරණව සිටින ආකාරය පිළිබඳ දැනුම්දීලා ආණ්ඩුවට බලපෑම් කළා, ඒ වගේම විදෙස් කටයුතු දෙපාර්තමේන්තුව සහ විදේශ⁣ සේවා කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කරනු ලැබුවා. ඒ වගේම ඒ ඒ රටවල තානාපති කාර්යාල දැනුවත් කළා. ඒත් අපිට කියන්න කනගාටුයි ඒ කිසිම අවස්ථාවක විදෙස් ගතවූ ශ්‍රී ලාංකිකයන් රට විරුවන් ලෙස නම් කරපු ආණ්ඩුවම ඒ ජනතාව වෙනුවෙන් සාධාරණ, සෑහීමකට පත්විය හැකි විසඳුමක් ගත්තේ නෑ. මොකද 2020 මාර්තු මාසේ දෙවැනි වසංගත තත්ත්වය නිර්මාණය වුණාට පස්සේ විදෙස්ගතව රැකියාවල කාලය අවසන්ව ලංකාවට එන්න බලාපොරොත්තුව ඉන්න අය ඉන්නවා. ඒ වගේම රැකියා අහිමිවුණු පිරිස ඉන්නවා. අධ්‍යයන නිවාඩු ලබාගෙන අධ්‍යාපනයට ගියපු අය ඉන්නවා. රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්න ගියපු අය ඉන්නවා. අධ්‍යාපන කටයුතු නිමාකරලා එන්න බලාගෙන පිරිසක් ඉන්නවා. තමන්ගේ දෙමාපියන්, දරුවන් බලන්න ගියපු අය මාස ගාණක් තිස්සේ ඒ ඥාතීන්ගෙන් නඩත්තු වෙවී ලංකාවට එනන් විදියක් නැතිව ඉන්නවා. ආණ්ඩුවට උවමනාවක් තියේනම් මේ මිනිස්සු ගෙන්වන්න පුළුවන්. නිරෝධායනය කරන්න තැන් නැහැ කීවා. නිරෝධායන මධ්‍යස්ථාන හදන්න අපි උදවුකරන්නම් කීවා. ඒක ගැන කිසිම කතාවක් නැහැ. හිඳිච්ච ඩොලර් ගෙනත්දුන්නු මේ මිනිස්සු ගැන ආණ්ඩුවට ගානක් නෑ.. ඒත් යුක්රේන සංචාරකයො ටිකක් ගෙනත් මේ රට සංචාරක කර්මාන්තයට දොර විවෘත වෙන තැනක් කියලා ලෝකෙට පෙන්වන්න ආණ්ඩුවට ඕනවෙලා තියෙන්නේ.

 

නදී මාණික්කගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here