ශ්රී ලංකා යුද හමුදාවට සමස්ත ශූරතාව හිමි කර දෙමින් පසුගියදා නිමාවට පත් වූ ජාතික මලල ක්රීඩා ශූරතාවලියේදී විදුලි හා යාන්ත්රික ඉංජිනේරු බළකායේ ක්රීඩක ක්රීඩිකාවෝ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූහ.
එම තරගාවලියේදී යුද හමුදාව රන් පදක්කම් 30ක්, රිදී පදක්කම් 24 ක් සහ ලෝකඩ පදක්කම් 18ක් දිනා ගත් අතර, ඉන් රන් 9ක්, රිදී 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් අත්කර දෙනු ලැබුවේ විදුලි හා යාන්ත්රික ඉංජිනේරු බළකායේ ක්රීඩක ක්රීඩිකාවන් විසිනි.