ඉන්දීය විදේශ ඇමති අද දිවයිනට

0
31
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (05) සවස මෙරටට පැමිණීමට නියමිතය
 
විදේශ අමාත්‍යාංශය සඳහන් කරන පරිදි එම සංචාරය තුළදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය
 
මෙය 2021 වසරේදී ඉහළ පෙළේ විදෙස් දූත පිරිසක් මෙරටට සංචාරය කරන පළමු අවස්ථාව මෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මේ වසරේ පළමු නිල විදෙස් සංචාරය ද මෙය වේ.
 
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙවැනි සංචාර තුළින් බහුවිධ සහයෝගීතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here