කොරෝනාවලින් බිඳවැටුණු ආර්ථිකය නැංවීමට ආණ්ඩුව කටයුතු කරනවා – රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා

0
27

කොරෝනාවලින් බිදවැටුණු ආර්ථික වර්ධනය වේගය වර්ධනය කිරීමට ආණ්ඩුව සැලසුම්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.

ඒ සදහා සෑම ක්ෂේත්‍රයක්ම සමගාමී සංවර්ධන මාවතකට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද ගොඩහේවා මහතා පැවසුවේය.

මධ්‍යම පාංතිකයන් සඳහා නිවාස ඉදිකිරීමේ සමාරම්ක අවස්ථාවට එක්වෙමින් රජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

“අපි 2020 අවුරුද්ද අවසන් කරල 2021 අලුත් අවුරුද්දේ බලාපොරොත්තුව ආරම්භ කරන මේ වෙලාවේ මම මොහොතකට 2020 වසර ගැන මතක් කිරීමක් ඔබට කරන්නම්. 2020 කතා කළේ කොරෝනා වෛරසය ගැන තමා වැඩියෙන්ම. නමුත් ඊට වඩා වැඩියෙන් අපි කතා කළ යුතු කතා කිරීමට සුදුසු බොහෝ දේවල් 2020 වසරේ මේ රටේ සිද්ධ වුණා. ත්‍රස්ත්‍රවාදයෙන් බියෙන් ඇළලී ගිහිල්ලා පාරේ ඇවිදින කොට පාරේ වුණත් වෙඩි ප්‍රහාරයකට ලක් වෙන්න තත්ත්වයක් තිබිච්ච මුළු රට පුරාම මහා මත්ද්‍රව්‍ය උවදුර පැවතිලා තිබිච්ච රටක් සාමකාමීව සුරක්ෂිත රටක් බවට පත්වුණේ 2020 වසර තුළ. ආර්ථිකය කඩාවැටිලා, ජන ජීවිතය අවුල් වෙලා, පොලී අනුපාතයන් ඉහළ ගිහිල්ලා බදු බර වැඩි වෙලා තිබිච්ච රටකට ආර්ථික ස්ථාවරත්වයක් අද ඇවිල්ලා. බදු බර අඩු වෙලා, පොළී අනුපාතයන් අඩුවෙලා, රුපියල ස්ථාවර වෙලා, ආර්ථික ක්‍රියාවලිය නැවත සක්‍රීය වෙන්න පටන් ගත්තේ පසුගිය අවුරුද්ද ඇතුළේ. රැකියා විරහිත වෙලා හිටපු උපාධිධාරීන්ට අවුරුදු ගණනාවක් තිස්සේ රැකියාවක් ලබාගන්න බැරුව හිටපු 60,000 කට රැකියා ලබා දුන්නා. මේ රටේ දුප්පත්ම පවුල්වලට සහනයක් වෙන්න ඒ දුප්පත්ම පවුල්වල ඉන්න තරුණ තරුණියන්ට රැකියා 100,000 ක් රජයේ රැකියා ලබා දෙන්න වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒකෙන් 50% ක් විතර අවසන් වෙලා තිබෙනවා. කොරෝනා වෛරස ප්‍රශ්නය ආපු වෙලාවේ ජන ජීවිතය පවත්වාගෙන යන්න රුපියල් බිලියන 70 කට වඩා වියදම් කරල ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දුන්නා. ආර්ථික ක්‍රියාවලිය යළි සක්‍රීය කරන්න. මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් පටන් අරන් මාර්ග 100,000 ක් ඉදිකිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා. එයින් පාලම් 10,000 ක් ඉදි කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා මේ වන විටත් එයින් 5,000 ක් පමණ අවසන් වෙලා තිබෙනවා. ඒ නිසා 2020 වසරේ බොහෝ වෙනස්කම් මේ රට වෙනුවෙන් සිද්ධ වෙච්ච වසරක්. 2021 වසරේ අපි ජන ජීවිතය නැවතත් සාමාන්‍ය කරගන්නට ඕනේ. මේ අසාමාන්‍ය තත්වය සාමාන්‍ය තත්වයක් බවට පරිවර්තනය කරගන්නටත් අපි ක්‍රියාකරන වෙලාවක අපේ රට අපි සෑහෙන දුරට හොඳින් ඒක කළමනාකරණය කර ගත්තා. අපේ අමාත්‍යාංශය ගැන කතා කරනකොට මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍ය වෙනකොට, සිරිනිමල් පෙරේරා ලේකම් වෙච්ච අපේ අමාත්‍යාංශය පසුගිය කාලයේ කොරෝනා කියලා නිකන් හිටියෙ නැහැ. අමාත්‍යාංශයේ පැය 24 ම වැඩ කළා. මන්දගාමී වෙලා තිබ්බ ව්‍යාපෘති කීපයක් අපි වේගයෙන් ඉදිරියට පටන් අරගෙන තියෙනවද. දැන් මේ සති 2 තුළ අපි ගෙවල් 3,000 ක් හදන්න මුල්ගල තියෙනවා මධ්‍යම ප්‍රාන්තික නිවාසවලට. අපි ආරාධනා කරනවා මේ රටේ අනෙකුත් සියලු දෙනාටත් ඒ විදිහට සුබවාදීව දකින්න කියලා. කාලය නාස්ති කරන්න විදිහක් නැහැ. අපි ඉස්සරහට යන්න ඕනේ. අපේ අමාත්‍යාංශයේ නම් ඉතාමත්ම පැහැදිලි. අපිට ආයතන 07 ක් තියෙනවා. අපේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඒ ආයතන හතෙන්ම හොඳ වැඩපිළිවෙළක් සකස් කරලා තේමාවන් 08 ක් යටතේ අපි ඉලක්ක සකස් කරගෙන අපි ඒවා ක්‍රියාත්ම කිරීමේ නිර්දේශයේ යෙදී සිටිනවා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ නිලධාරීන්ට. අපේ අමාත්‍යාංශයේ විවිධ ආයතනවල ඉන්න නිලධාරීන්ට. ඔවුන් වැඩ කරන ආකාරයට. හැබැයි අපි ඉල්ලා සිටිනවා ඔවුන්ට මීටත් වඩා අපි කාර්යක්ශම වෙන්න ඕනේ. මීටත් වඩා පිරිසිදු වෙන්න ඕනේ. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියේ තියෙන විශේෂ අවධානය ලබා දෙන දෙයක් තමයි පිරිසුදු හා කාර්යක්ෂම රාජ්‍ය පාලනය කියන සංකල්පය. හැබැයි මධ්‍යම ප්‍රාන්තික නිවාස ගැන කතා කරනකොට අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටියදී එතුමා පටන් ගත්ත මේ අඩු ආදායම්ලාභීන්ට, පැල්පත්වාසීන්ට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඒක මහා විශාල ව්‍යාපෘතියක්. 60,000 ක් විතර පැල්පත්වාසීන් ඉන්නවා මේ කොළඹ නගර සීමාව තුළ. ඒ අයට නිවාස සෑදීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. ඒ සඳහා සැලැස්මක් තිබුණා. මොකද ඒ මුදල අපිට තනියම වියදම් කරන්න බැහැ. ඒ සඳහා සැලැස්මක් තිබුණා. පැල්පත්වාසීන් දැනට ඒකරාශී වෙලා ඉන්න තැන්වල ඒ අයට නිවාස ලබා දීලා වෙන තැන් වල යොදවලා, ඒ අය හිටපු ඉඩම් ව්‍යාපාරික කටයුතුවලට යොමු කරලා එමඟින් මුදලක් හොයාගෙන ඉතුරු අයටත් නිවාස ලබාදීම පියවරින් පියවරට කරපු වැඩපිළිවෙළ මඟින් 18, 000 ක් විතර සැලසුම් කරගෙන ඉද්දි තමයි ආණ්ඩුව පෙරළුණේ. හැබැයි කොළඹ නගරයේ විතරක් නෙමෙයි පැල්පත්වාසීන් කොළඹ අවට, කොළඹින් එහාට යනකොට මේ ගම්පහ ප්‍රදේශයේ, කළුතර ප්‍රදේශයේ විශාල දුප්පත් පැල්පත්වාසීන් පිරිසක් ඉන්නවා. මේ කොළඹ අභියෝගය ජයගෙන ඒවට අත ගහන්නත් ඕන. අපිට ඉවර කරන්න ගොඩක් වැඩ තියෙනවා. මේ රටේ විවිධ ජන කොටස් ඉන්නවා. ඒ අතර මධ්‍යම ප්‍රාන්තිකයනුත් ඉතාම වැදගත් පිරිසක්. මධ්‍යම ප්‍රාන්තික තරුණ පවුල්වලට, තරුණ වෘත්තිකයන්ට පහසු මිලට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියකුත් අපි ආරම්භ කරලා තියෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා –

“ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රධානම අරමුණක් වුණේ මේ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් රටක් කිරීම. ඒ සංකල්ප 10 ප්‍රධාන සංකල්පයක් වන්නේ සතුටින් සිටින පවුලක් නගා නගාසිටුවීම තමා එතුමාගේ සංකල්පවලින් ප්‍රධාන තැනක් ගන්නේ. ඒ අනුව තමයි මේ සියලු දෙනාටම එහෙම සතුටු පවුලක් ලෙස ඉන්න ඕනේ නම් මං හිතන්නේ ප්‍රධාන වශයෙන් ම ඔබට අවශ්‍ය වෙන්නේ නිවසක්. ඒ අනුව මං හිතන්නේ ඉතාමත්ම දුෂ්කර කර්තව්‍යයකට දැනට පත්වෙලා ඉන්න කට්ටියක් තමයි මේ මධ්‍යම ප්‍රාන්තිකයන්. විශේෂයෙන් ම ජාතික වෘත්තිකයන් ගොඩක් දෙනා ඉගෙන ගන්නවා. ඒ අය විභාග සමත් වෙලා නොයෙකුත් ආයතනවල රැකියාවලට යනවා. රජයේ ආයතන, පුද්ගලික ආයතන හෝ වේවා මේ කිසිම ආයතනයක එතුමන්ලා ඉගෙනගෙන රැකියාවක් කළත් බොහෝ අයට නිවාස ප්‍රශ්නයට විසඳුමක් ගන්න බැහැ. ඒ අයගේ විවාහය ප්‍රමාද වුණේ ඒ ගොල්ලන්ටත් ඉදිරි දැක්ම අනුව ඉන්න තැනක් නැති නිසා තමයි. C1 ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න සියලුම දෙනා ජනාධිපති කාර්යාලයට කැදවලා ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ඔබට අවශ්‍ය සියලුම පහසුකම් දෙන්නම්, ඔබට අවශ්‍ය සියලුම නව තාක්ෂණය වැඩි දියුණු කරගන්න ඔබ සැමට ම උදව් කරන්නම් මේ ගෙවල් 5,000 මට අවුරුද්දකින් නිම කරලා දෙන්න ඕනේ කියලා. මං හිතන්නේ ඒක ඒ සියලු දෙනාම පිළිගත්තා. ඒ හින්දා එක අවුරුද්දකින් වැඩ කරන්න කියලා තමයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ. එතුමා උපදෙසක් දීපුවාම, එතුමත් එක්ක 2010 ඉදලා වැඩ කරල තියෙන මම කවදාවත් දැකලා නෑ එතුමට එක අමතක වෙනවා නම් බාර දීපු වැඩක්. අගනා, වටිනා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නාමයක් ලබා ගත්ත අයට තමයි අපි මේ ගෙවල් 3000 දෙන්නෙ. ඉතින් ඒගොල්ලන්ගෙ කීර්තිනාමය වැඩි කරගන්න පුළුවන් මේක ඉක්මණට හදලා දුන්නට පස්සේ. මෙච්චර කල් ඒගොල්ලො අපිත් එක්ක වැඩ කළා. C1 කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාගෙන්ම ඔබතුමන්ලාගේ දක්ෂතාවය පෙන්වන්න. ඔබතුමන්ලා කවදාවත් සැලෙන්න එපා. මොකද හැමතිස්සෙම ජනාධිපතිතුමා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිටුපස ඉන්න කෙනෙක්. ඒ වගේ ම තමයි නාගරික සංවර්ධන අධිකාරි 2010 ඉදලා 2015 දක්වා බිලියන 16 ක් මේ C1 කොන්ත්‍රාත්කරුවන් අතරේ බෙදා දීලා තියෙනවා. අපි අපේ යුතුකම 2010 ඉදලා ඉටුකළා. නමුත් 2015 ඉඳලා 2019 වර්ෂය වෙනකන් ඔබතුමන්ලා මොනවද කළේ කියන එක සම්බන්ධයෙන් මම දන්නෙ නැහැ. මම දන්නවා කරපු වැඩවලට නාගරික සංවර්ධන අධිකාරියෙන් මුදල් ගෙවලා තිබ්බේ නැහැ කියලා. ඒවා ඔක්කොම පහුගිය අතීතයක් විතරයි. ඒ ගැන ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔබලාට පොරොන්දු වුනා වගේ ම ඒ අවශ්‍ය වන ගෙවීම් නිසි ආකාරව ඒ කාලයට ඒ දවසට ගෙවන්න. එහෙම ගෙවලා නැත්නම් මට හෝ මගේ රාජ්‍ය ඇමතිට කියන්න මොකද ඒ සම්බන්ධව අපි සම්පූර්ණ වගකීම භාරගන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here