කොවිඩ් එන්නත මාර්තු මුල් සතියේ දිය හැකියි

0
32

කොවිඩ් -19 වයිරසය සඳහා වන පළමු එන්නත එළඹෙන මාර්තු මාසයේ මුල් සතිය වන විට ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට හැකිවන බව රජය විශ්වාසය පළකරයි.

එළඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර කොවිඩ් -19 වයිරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයන්ට දීමට හැකි අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වනවිටත් අවසන් මට්ටමේ පවතින බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කරයි. රූපවාහිනී සංවාදයකට එක්වෙමින් ලලිත් වීරතුංග මහතා මේ බව අනාවරණය කළේය.

ඉදිරි දිනයක දී මේ සම්බන්ධයෙන් නිශ්චිතවම පැවසිය හැකිවන අතර අද වනවිට පවතින තතත්ත්වය අනුව මේ එන්නත එළඹෙන පෙබරවාරි මස අවසානයේ හෝ මාර්තු මස මුල් සතිය වනවිට ශ්‍රී ලංකාවට ගෙන්විය හැකි බවද එය සිංහල හා දෙමල අලුත් අවුරුද්දට පෙර අනිවාර්යයෙන්ම කළ හැකි වන බවද පෙන්වාදෙයි.

එන්නත් ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ද මේ වනවිට සැලසුම් කර ඇති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරයි.

පළමුවෙන්ම මේ එන්නත ලබා දෙන්නේ ඉදිරිපෙළ වැඩකරන සෞඛ්‍ය සේවක සේවිකාවන්ට වන අතර දැනට 155,000 ක් පමණ එම පිරිසට අයත් වෙති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය ද එය බව පෙන්වාදෙන ලලිත් වීරතුංග මහතා දෙවනුව ඉදිරිපෙළ ඉන්න ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පිරිසට මේ එන්නත ලබාදෙන බවද ඒ අයද 127,500 සිටින බව කියා සිටී. මෙය ජාතික එන්නත්කරණ සැලැස්මේ කොටසක් බවද හෙතෙම කියා සිටී.

එමෙන්ම එන්නත් ලබාගැනීම සඳහා අවශ්‍යකරන මුල්‍ය සම්පාදන කටයුතු ද මේ වනවිට සිදුකර අවසන් බවද මහා භාණ්ඩාගාරය මේ සඳහා අවශ්‍ය මුදල් රැස්කරගෙන තිබෙන බවද ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කරයි.

 

මහින්ද අලුත්ගෙදර

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here