ජනපතිට – අගමැතිට – රටට සෙත් පතා ගුවන් හමුදාවෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා මාලාවක්

0
36

සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ට මෙන්ම උදා වූ නව වසරට සෙත් පතා සහ දිවයිනේ කොවිඩ් වසංගත තත්ත්වයෙන්, සියලුම ගුවන් හමුදා සාමාජකියන් සහ ලක්වාසී ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගියදා (3) මහා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් සහ සංඝරත්නය විෂයෙහි සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පැවැත්වීය.

ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා මාලාව ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති සියලුම ගුවන් හමුදා කඳවුරු තුළ පැවැත්වීමට කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here