ජපාන සුමෝ ශූරයාට කොරෝනා

0
12

ජපාන සුමෝ ශූර හකාකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ජපාන සුමෝ සංගමය නිවේදනය කළේය. නව වසරේ සුමෝ ශූරතාවලිය ආරම්භ වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී සිදු කරන ලද 35 හැවිරිදි හකාකුගේ පීසීආර් පරීක්ෂණය පොසිටිව් තත්ත්වයේ ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. මොංගෝලියාවේ උපත ලැබු හකාකු සුමෝ තරග බිමේ ඉහළම ගෞරවය වන යොකෝසුනා තත්ත්වය ලැබූ විශිෂ්ට ක්‍රීඩකයෙකි.

ඔහු වසර 2009 දී වසරක් ඇතුළත වැඩිම සුමෝ ජයග්‍රහණ අත්පත් කරගත් ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්වූ අතර, 2010 වසරේදිත් එම වාර්තාව තැබීමට සමත් විය. සුමෝ ඉතිහාසයේ එක දිගට වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කළ ක්‍රීඩකයා ද වන හකාකු වසර 2019දී ජපාන පුරවැසිභාවය හිමි කර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here