නින්දගම්පැලැස්ස අඹ අපනයන ගම්මානයක් ලෙස නම් කෙරේ

0
38

ඇඹිලිපිටිය, නින්දගම්පැලැස්ස ප්‍රදේශය ටී.ජේ.සී.අඹ අපනයන ගම්මානයක් ලෙස නම් කිරීම සහ සංකේතවත් ලෙස අඹ පැළ රෝපණය කිරීම ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයාගේ අතින් පසුගියදා සිදු කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සෞභාග්‍යයේ දැක්ම යටතේ ස්වයංපෝෂිත දේශයක් ගොඩනැගීම සහ ගොවියාගේ අතමිට සරුවන ආර්ථිකයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවයි.දේශිය දේ අගයන රටක් නිර්මාණය කිරීමට දායක වන සෑම දෙනාටම මෙම අඹ පැල නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

එදා සල්ලි තියෙන අය ඉඩම් අරගෙන මේ අඹ වර්ගය වැව්වා. සාමාන්‍ය ගොවියට මේ අඹ පැල ගන්න විදිහක් නෑ. අපි රජයක් හැටියට වවන සියලුම දෙනාටම මෙම අඹ පැල නොමිලේ ලබාදී මේ රටේ අපනයන ආදායම වැඩි කරන්නත් ගොවියට වැඩි මුදලක් අතට ගන්නත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

අනුරාධපුර, මොනරාගල, හම්බන්තොට, දිස්තික්කයේද මෙම අඹ ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මකයි.

මෙම අවස්ථාවට වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ ,ලංකා සීනි සමාගමේ සභාපති ජනක නිමලචන්ද්‍ර මහත්වරුන් ඇතුළු ගල්ඔය වැවිලි සමාගමේ සභාපති, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ මන්ත්‍රීවරු සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here