පාසල්වල ඉගැන්වීම සඳහා ගුවන් හමුදා නිලධාරීන්, ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට දැනට අනුමැතියක් ලබා දී නැතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(5) ප්‍රකාශ කළේය. එවැනි කටයුත්තක් සඳහා අනුමැතිය ලබා දි නොතිබුණ ද මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලා දැනුම් දෙන බවද ඇමැතිවරයා පැවසීය.
ඇතැම් පාසල්වල ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වීම සඳහා ගුවන් හමුදා නිලධාරීන් යොදා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාවක් පළ කර ඇත්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. තමන් දන්නා ආකාරයට ගුවන් හමුදා නිලධාරීන්ට එවැනි පත්වීම් ලබා දීමට තීරණයක් ගෙන නොමැති බවද ඇමැති ජී එල් පීරිස් මහතා පැවසීය. එමෙන්ම ඉංග්‍රීසි සහ ගණිතය විෂයයන්වලට අදාළ ගුරු හිඟය පියවීම සඳහා විශ්‍රාමික ගුරුවරුන් තාවකාලික ලෙස කොන්ත්‍රාත් පදනම යටතේ යොදා ගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න