පාසල් සිසුන්ගේ නිල ඇඳුම් ලබා නොදීම ප්‍රශ්නයක් කෑගල්ල දිස්ත්‍රික් එජාප නායක සන්දිත් සමරසිංහ

0
33

 

නව වසරේ 2021 ජනවාරි 11 වැනිදා පාසල් පටන් ගැනීමට යෝජිතයි. ඒ සඳහා පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් ලබා දුන්නත් මේ දක්වා සිසු සිසුවියන්ට නිල ඇඳුම් ලබානොදීම ප්‍රශ්නයක් වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් එජාප නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සන්දිත් සමරසිංහ මහතා මෙසේද කීය.

පසුගියදා යුක්රේනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් P.C.R. පරීක්ෂණවලට සම්බන්ධ වී සිට හෝටල්වලට පැමිණීමෙන් පසුවයි එම පිරිස් යාල වනෝද්‍යානය වෙත යාම සඳහා ගෙන්වනු ලැබූ ජීප් රථ 24ම රියදුරන්ට කොරෝනා වැළඳීම නිසා ඔවුන් දින 14කට නිරෝධායනය වී‍මත් සමඟ ඔවුන්ට රැකියාව කර ගැනීමට නොහැකිව ඉතාමත් අසරණ තත්ත්වයට පත්වූ එම පවුල්වලට කිසිම සහනයක් ලබා නොදීම තුළින් රජය කර තිබෙන්නේ ඉතාමත් අසාධාරණ ක්‍රියාවක් යැයිද කෑගල්ල දිස්ත්‍රික් එජාප නායකයා සඳහන් කළේය.

මේ සිද්ධියට සම්බන්ධ කරුණක් සඳහන් කිරීම කැමති යැයිද එම සිද්ධිය නම් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ කිසිම අනුදැනුමකින් තොරව තල්මසුන් නැරඹීමට එම යුක්රේන් සංචාරකයන් පිරිස මිරිස්ස ධීවර වරාය වෙත කැඳවාගෙන ගොස් තිබෙන්නේ ආරක්ෂක විධිවිධාන නොමැතිව බවද හෙතෙම කියා සිටියේය.

තවද සීගිරිය හා පොලොන්නරුවට මේ සංචාරක පිරිස කැඳවාගෙන ‍යාමට පෙර එම පළාත් වලට දිනපතා යන එන අප රටේ මව්පිය දූදරුවන්ගේ එම ගමන් බිමන් සහ ජංගම වෙළෙඳුන්ටද ඉහත කී එම ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කර තිබුණු බවත් පෙන්වා දුන් සන්දිත් සමරසිංහ මහතා එයිනුත් විශාල හානියක් උනෙත් අප රටේ පිරිසට බවද හෙතෙම කියා සිටියේය.

එක දිස්ත්‍රික්කයකින් වෙනත් දිස්ත්‍රික්කයකට යන විට ඒ ඒ දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් අවසර ගෙන යා යුතු බවත් යුක්රේන් ජාතික සංචාරකයින්ට එම නීති රීති බල නොපැවැත්වීමට රුසියාවේ කලක් තානාපතිවරයාව සිටි උදයංග වීරතුංග මහතා විසින් ඒ සඳහා ක්‍රියා කර තිබෙන්නේ හෝටලයකදී යුක්රේන් ජාතිකයෙකුගෙන් දිනකට අය කළ යුත්තේ ඩොලර් 100ක් යැයිද සතියක් එම තෝරාගන්නා ලද සංචාරක හෝටලයකට යුක්රේන් ජාතිකයන්ගෙන් අය කරනු ලබන්නේ ඩොලර් 799ක ප්‍රමාණයක් යැයිද කෑගල්ල එජාප නායක සන්දිත් සමරසිංහ මහතා කියා සිටියේය.

 

මැදකොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here