පාසල් සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දීම ගැන රජයට තුති පුදනවා – සජිත් ප්‍රේමදාස

0
31

පාසල් සිසුවියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමට රජය සූදානම් වන බවට තොරතුරු ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් තමන් රජයට ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

මෙරට ආර්ථික දරිද්‍රතාව සම්බන්ධයෙන් තමන් වසරකට අධික කාලයක් තිස්සේ ඉදිරිපත් කළ කරුණු ප්‍රමාද වී හෝ පිළිගැනීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය ආණ්ඩුවට පළ කරන බවත් ඒ මහතා කියා සිටියේය.

මෙරට ජනතාව බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. මේ හේතුවෙන් උද්ගත වන සෞඛ්‍යමය ගැටලු, අධ්‍යාපන ගැටලු, රටේ නිෂ්පාදන ක්‍රියාවලියට සිදුවන බලපෑම් පිළිබඳ සංඛ්‍ය දත්ත ආශ්‍රිතව මම මීට ඉහත කරුණු පැහැදිලි කළා. මේ අනුව මේ තත්වයට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට සනීපාරක්ෂක උපකරණ නොමිලේ ලබාදිය යුතු බවත් අවධාරණය කළේය.

එහි නියමු ව්‍යාපෘතියක් වශයෙන් පාසල් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීම ඉතාම කඩිනමින් විධිමත්ව ආරම්භ කරන ලෙසත් ඒ සඳහා මෙරට සිටින විද්වතුන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් ඒ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පෙරේදා(04) නව වසර සඳහා විපක්ෂ නායක කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

සුභාෂිණී සේනානායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here